ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් පැමිණි භූකම්පනය

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා…

එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙය ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය බවයි.එම කම්පනයත් සමග ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *