ළිඳකින් හමුවූ සිව්හැවිරිදි දැරියගේ ම#රණයේ සුලමුල හෙළිවෙයි

0
144

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය දෙව්මි අමායා අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත – යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි දියණියක්.

පුංචි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇති බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

එම සිදුවීම පසුගිය 16 වැනිදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවයි.

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

ඒ අනුව ඇය මේ වනවිට කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

පුංචි දියණියගේ මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here