Thu. Oct 17th, 2024

දන් කොටුව පෝසිලෙන් සමාගමේ නවකතෘ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා little සමාගමේ නව සභාපති ලෙස පත් තේරී පත්විය.

ව්‍යාපාර ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරු දැරූ එතුමා Aitken Spence සමූහයේ Aitken Spence Garmentd Ltd හි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කෙරූ අතර 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් පසු royal Ferneood Porcelain පී.එල්.සී හී ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්විය.

එතුමා ව්‍යාපාර සම්බන්ධයෙන් විදෙස් කටයුතුවලදීත් විශාල අත්දැකීම් ලැබූ පුද්ගලයෙක් .Maldives හි Ernst and Young හි රටේ කළමනාකරු ලෙසත් බංගලාදේශය ඇඟලුම් මෙහෙයුම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙසත් එතුමා කටයුතු කර ඇත.

ඊට අමතරව 2015 දී අප්‍රිකාවේ උද්යෝගික වෙළඳපළේ පුරෝගාමී නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටද ඔහු විශාල සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙක්.

ඊට අමතරව එතුමා Hirdaramani සමූහයේ වසර දොළහක් සේවය කළ පුද්ගලයෙකු අතර සම්මානයට පාත්‍ර වූ විශිෂ්ටයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

2022 වසරේදී කොළඹ නායකත්ව අධ්‍යයන පද්ධතිය විසින් චන්න මහතාට නායකත්ව විශිෂ්ටතා සම්මානය ලබාදුන් අතර 2022 වසරේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම ප්‍රධාන විධායක නිලධාරී සම්මානයටද ඔහු පත් කෙරුණි.

එතුමා එංගලන්තයේ chartered institute of management accountants සහ ඕස්ට්‍රේලියාවේ southern queensland විශ්ව විද්‍යාලයේ MBA පාඨමාලාව හැදෑරූ පුද්ගලයෙක්.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ හා මූල්‍ය කළමනාකරන අංශයේ පළමු පන්තියේ උපාධිධාරියෙක් වීමත් විශේෂයක්.

අධ්‍යාපන සුදුසුකම් සහ අත්දැකීමෙන් පරිපූර්ණ වූ එතුමා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා පත් වුනා.

ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව ඒ තනතුර බාරගත් ඔහුට අපේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වූ ගෑස් අවශ්‍යතාව සාර්ථකව සපුරාලීමට හැකියාව ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔහුගේ අලුත් තනතුට අපගේ හදපිරි සුබපැතුම් එකතුකරමු.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *