Wed. Apr 30th, 2025

වෙසක් සමය යනු, ආලෝකයේ, සාමයේ, කරුණාවේ මෙත් සහගත හැඟීම් පිරුණු කාලයක්.  පොදුවේ ජාති,  ආගම් බේදයකින් තොරව  ශ්‍රී ලාංකික අපි සැම පින්කම් සිදු කරන කාලයක්. ලංකාවට පමණක් උරුමව පවතින් දන්සැල් දීමේ  කරුණාබර සහ දානපති සිතුවිලි සහිත  සංස්කෘතියක් අප සතුයි. එමෙන්ම දුප්පත් පොහොසත්  බේදයකින් තොරව අපි සියලු දෙනමා දන්සැල් ආහාර භුක්ති විඳීමට කැමතියි

 දන්සැල් ආහාර පිසීමේදී  මහා පරිමාණයෙන් කෑම සකස් කිරීමක් සිදුවන අතර, වේගවත්, ආරක්ෂිත හා පිරිසිදුව උයන ක්‍රමයක් අවශ්‍ය වේ. මෙතැනදී, ලිට්රෝ ගෑස් අපට  උදව් කරනවා. 

 පැය ගණන්  ගිනි තැපීමකින් තොරව ලිට්රෝ ගෑස් සමඟ අඩු කාලයෙන් ආහාර පිසීම වේගයෙන් සිදු කළ හැකියි. 

එසේම දුමෙන් පිරුණු අපහසුකාරී පරිසරයෙන් තොරව පිරිසිදුව සහ සුරක්ෂිත ආහාර පිළියෙළ කිරීම ලිට්රෝ ගෑස් මගින් සිදුකළ හැකි වේ. 

දන්සැල් පමණක් නොවේ අපි මේ වෙසක් සමයේ අන් අයගේ හිත සුව  පිණිස ද කටයුතු කරනවා.  දානමාන වැඩි වඩියෙන් සිදු කරනවා. වැඩිහිටි නිවාස, ළමා නිවාස, රෝහල් සහ පීඩිත ප්‍රදේශවලට  පිසූ රසවත් ගුණවත්  ආහාර බෙදාදීම සඳහා ද අප වෙහෙසෙනවා. ඒ සඳහා වේගවත් සහ ගුණාත්මක පිසීමක් අත්‍යවශ්‍ය වෙනවා.

“යහපත් සිතකින් සිදු කරන එක් කටයුත්තක් ද,  වළාකුළින් මිදුණු සඳ වගේ ලෝකයට ආලෝකය ව්‍යාප්ත කරයි” යන බුද්ධ වචනයට එකඟව, අපි කරන මේ පින් කටයුතු අරමුණු සාර්ථක කර ගැනීමට ලිට්රෝ ගෑස් මේ වෙසඟේ අපේ හොඳම සහායකයා වනු බව නිසැකයි. එ නිසා අපි කළු දුම නොව, සුදු ආලෝකය පමණක්  ව්‍යාප්ත කරමු!

අපේ කරුණාවත්, ආදරයත්, දානයත්, ලිට්රෝ ගෑස් සමඟ අලුත් අර්ථයක් සමගින් මේ වෙසක් සමයේ සමරමු.

By Aloka