ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා නමින් වට්ස්ඇප් ගිනුම් හරහා ව්‍යාජ පණිවිඩ හුවමාරු වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමයි.

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා මූලික කර ගනිමින් එයාකාරයෙන් සංසරණය  වන ව්‍යාජ කටකතා සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම පිණිස මෙසේ තොරතුරු දැනුම් දෙන්නෙමු.

එතුමාගේ නමින් වට්ස්ඇප් ගිණුමක් සකසා ලිට්රෝ  කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට මේ වන විටත් ව්‍යාජ පණිවිඩ යොමු කර ඇත.

 එවැනි ආකාරයේ වට්ස්ඇප් පණිවිඩයක්  ලිට්රෝ කාර්යමණ්ඩලයේ කිසිවෙකු හට  ලැබී ඇත්නම් එය ව්‍යාජ පණිවිඩයක් බව සලකා ඒ පිළිබඳව දැනුම් දීමට සිහි තබා ගත යුතුයි.ගරු මුදිත පීරිස් මහතාගේ නමින් මේ ආකාරයෙන් නිර්මාණය කෙරූ ව්‍යාජ වට්ස්ඇප් ගිණුම  සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරින් නිසි විමර්ශන පවත්වන අතර එවැනි ක්‍රියා සමාජගත කිරීමට ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක් නම් ඒ සඳහාත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් සිහි තබා ගත යුතුයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *