Thu. Dec 5th, 2024

LP ගෑස් යනු වර්තමානයේ බොහෝ දෙනාගේ එදිනෙදා කාර්යයන් සාර්ථකව කරගෙන යාම සඳහා සහාය දක්වන අත්‍යවශ්‍ය භාණ්ඩයක්. කර්මාන්ත අංශයට, නිෂ්පාදන අංශයට ඒවගේම වගේම දෛනික ජීවිතය පවත්වාගෙන යාමටත් LP ගෑස් මූලික වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමේදී බහුතරයක් දෙනා, වැරදි පිළිවෙත් අනුගමනය කිරීම නිසා පහුගිය කාල සීමාවේ විවිධ අනතුරු පිළිබඳව අපිට අහන්නට ලැබුනා. ඔබත් LP ගෑස් භාවිතා කරන පුද්ගලයෙක් නම්, අනිවාර්යෙන්ම දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

සාමාන්‍යයෙන් ගෑස් ලිපක් භාවිතා කරන්නේ මුළුතැන් ගෙය ඇතුලේ, ඒ නිසා උදේට මුළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කිරීමට ප්‍රථම ගෑස් ලිප ක්‍රියාත්මක කිරීම නොකළ යුතුයි. හේතුව රාත්‍රී කාලයේ ගෑස් කාන්දු වීමක් සිදුවී තිබුනොත් එමඟින් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම ගෑස් ලිප සහ ගෑස් සිලින්ඩරය ස්ථානගත කරන විට විදුලි රැහැන් විදුලි පේනු වගේ දේවල් ඇති ස්ථානවලින් ඈත් කරලා තමයි ලිප සහ සිලින්ඩරය ස්ථානගත කරන්න ඕන.

ඊට අමතරව බහුතරයක් දෙනා නිසි පරිදි ක්‍රියාත්මක වන ප්‍රමිතියෙන් යුත්ත රෙගුලේටර් භාවිතා කිරීම පිළිබඳව දැනුවත් නැහැ. ඒ හේතුව නිසාත් ගෑස් කාන්දු වීමක් සිදුවෙන්න පුළුවන්. එම නිසා ගෑස් භාවිතා කිරීමේදී රබර් නලය රෙගුලේටරය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේද එහි පැවැත්ම කෙසේද යන්න පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුය.

එමෙන්ම ගෑස් උදුනේ දැල්ල නිල් පැහැයෙන් යුක්ත විය යුතුය. කහ හෝ තැඹිලි පාටින් ගෑස් දෑල්ල පවතී නම් ඔබ වහාම ඔබේ ගෑස් උඳුන පරීක්ෂා කරවා ගත යුතුය. ඊට අමතරව ඔබ ගෘහණියක් නම් ගෑස් සිලින්ඩරය අසල ආහාර පිසීමේදී දුහුල් සිනිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. ඒ තුළින් ගෑස් කාන්දු වීමකදී ඇතිවෙන ගින්නකදී ඔබටම ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබේ. ගෑස් උඳුනක් භාවිතා කිරීමේ දී ගෑස් කාන්දු වීමක් සිදු වුනහොත් එයින් වැළකෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබ දැනුවත් වීම මගින් අමතර ආරක්ෂාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *