ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38ක් දක්වා ඉහළට.

රජය විසින් ගෙවිය යුතු  විදේශීය ණය ප්‍රමාණය  2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට  ඇමරිකානු ඩොලර් බිලියන  38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස  වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල් 30  වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ.

පවත්නා රජය විසින් 2022 වර්ෂය අවසන් වන විට කියවා නොමැතිව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27.5 කි. එකී මුදලට සාපේක්ෂව 2023 වසර අවසන් වන විට  නොපියවා ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 33.1 ක් බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

රජය විසින් නිකුත් කරනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල  වෙළෙඳ පොළ වටිනාකම් ඉහළයාම, පියවා නොමැතිව ඉතිරිව ඇති  ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල උපචිත කූනෙවල ගෙවීම් වැඩිවීම රජය විසින් පියවා නොමැතිව ඉතිරිව ඇති විදේශීය ණය ප්‍රමාණය වැඩි වීම, විදේශීය ණයවල උපචිත පොලිය වැඩි වීම මේ සඳහා හේතු වී ඇති බව ද එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *