LOCAL NEWS

ඉන්ධන අවශ්‍ය නම් අදම ලියාපදිංචි වන්න

Written by Aloka

ඉන්ධන අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඉන්ධන ලබාගැනීම සදහා රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

තමන්ට අයත් ඉන්ධන අවශ්‍ය වන වාහනයේ අංකය රෝහල් පරිපාලනයට ලබාදීමෙන් අනතුරුව එළඹෙන සිකුරාදා සිට ඉන්ධන ලබාගත හැකි වේ.

ඊයේ (21) දින සිට එම ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කළ බවට තොරතුරු වාර්තා වේ.

දිවයිනේ තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් වලින් පමණක් සෞඛ්‍ය සේවකයින්ට මෙලෙස ඉන්ධන ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

එලෙස ඉන්ධන ලබාගත හැකි ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ..

About the author

Aloka

Leave a Comment