ඉන්ධන මිල සහ ඇසුරුම් මිල ඉහළ ගොස් ඇතත් හෙට සිට රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම අර්බුදකාරී අවස්ථාවේ ජනතාවට සහන මිලට සහල් ලබාදෙන ලෙස සෙසු සහල් ව්‍යාපාරිකයින්ගෙන් ද ඉල්ලා සිටින බවයි. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මලෙනයේ ගොවි නියෝජිත පිරිසකගෙන් තිස්සමහාරාම ප්‍රදේශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට විරෝධයක් එල්ල වුණා. ආර්ථීක අර්බුදය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය අලෙවියට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමක අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබුණා.
එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් පත්වුණේ දැඩි අසීරුතාවයටයි. පිටපළාත්වල සිට එළවලළු මිලදී ගැනීම සඳහා වෙනත් දිනවලදී පැමිණෙන වෙළඳුන්ගෙන් සියයට 90ක් පමණ අද පැමිණ නැහැ. මේ හේතුවෙන් එළවළු මිල ද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි ගොවීන් පැවසුවේ.