Official Paththare Web Portal

මහමාර්ගයකුත් හරස් කරමින් දුම්රියක් පීලිපනී

තිරිඟු පිටි ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.ත්‍රීකුණාමලයේ සිට සීදුව වෙත තිරිඟු පිටි ප්‍රවාහනය කර ආපසු ත්‍රීකුණාමලය වෙත ධාවනය වෙමින් තිබියදී කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියමෙලෙස පීලි පැන තිබෙන්නේ.
දුම්රිය හරස් මාර්ගයක් ද අවහිර කරමින් එලෙස පීලි පැනීම හේතුවෙන් ගල්නෑව විජිතපුර මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී තිබේ.
අනතුරෙන් දුම්රිය මාර්ගයේ පීලිවලට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා.