අනාගත පරපුර උදෙසා ජීවිතය කැප කරමින් තම පුද්ගලික ධනයෙන් ජංගම පුස්තකාලයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ අපුරු මිනිසෙකුගේ කතාව ජපානයේ පෙළපොතකට ඇතුලත්ව තිබෙනවා.
තිස් දෙහැවිරිදි මහින්ද දසනායක නම් වූ ඔහු නිවාඩු දිනවල තමා ජිවත්වන ගම්මානයේ හා ඒ අවට ගම්වල දරුවන් වෙනුවෙන් තමන්ගේම වියදමින් අලුත්වැඩියා කරගනු ලැබූ යතුරුපැදියෙන් පුස්තකාලය රැගෙන යමින් දරුවන්ට කියවීමට පොත් පත් ලබාදීම සිදුකරනවා.
ඔහු ගේ මෙම ක්‍රියාව අගයමින් ජපන් දරුවන්ද කියවීමට හුරු කරවීමයි ජපන් අධ්‍යාපන බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ.
ඔහු පිලිබදව පළමු වරට නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් තොරතුරු අනාවරණය කරනු ලැබූවා.
එම වැඩසටහන පහතින්. වීඩියෝව නෙත් එෆ් එම්..