ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා අද දින (22) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.