LOCAL NEWS

රහසක් හෙළි කරමින් මහ පොළව යට වැළලුණු ඒලෙවලුත් නොලියා ගිය කෙල්ල..

Written by Aloka

අද තාක්ෂණය කියන්නෙ බොහෝම දියුණු එකක්. ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට කළ නොහැක්කක් නෑ. ඒ විදිහේ ෆෝන් එකක් ඇතුළේ භයානකම විදිහේ දේවලුත් තියෙන්න පුළුවන්. හිතමතා හෝ නොහිතා හෝ ඒ දේ කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්නටත් පුළුවන්. මේ ඒ විදිහේ කතාවක්.

ඇගේ මරණයෙන් පසුවත් බොහෝ දෙනා ඇය මානසික පීඩනයකින් සිටි බව පුන පුනා කිව්වා. ‘පිස්සු කෙල්ලෙක්’ කියලා තවත් පිරිසක් ඈව හඳුන්වා දුන්නා.

‘ගොන් ගහක්’ කියපු අය හිටියා..

ඒත් ඇත්තටම ඇය ගැන දැනන් හිටියේ ඇය විතරයි. ඇය දැනන් හිටපු ඒ කතාව ඔබ දැන් කියවන්න හදන්නේ.

“නිල් නුවන් පියවිලා රෑක ඝනදුරේ, කියලා ඔයා මුලින්ම මට ලියලා එවපු ලියුම මතකද ? මතක නැතුවැති ඉතින් රත්තරන්ට. ඒ තරම් උමතුවකින් ආදරේ කරපු ඔයා මාව රූම් එකකට එක්කන් යද්දි බයක් දැණුනේ නෑ. සුදු ගවුම ඔයාගේ යාලුවාගේ ගෙදරදී මාරු කරලා හොටෙල් එකකට ගිහින් ඔයාව හෙලුවෙන් බදාගන්නකොටත් මට බයක් දැණුනේ නෑ. මොකද මට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑනේ රත්තරන්. ඒ ඔක්කොම මම ඔයාටනේ දුන්නෙ.. මම ඉවසුවා… ඇත්තටම ඉවසුවා..”

“ඒත් කාලය ගතවෙද්දි මට තේරුණා ඔයා මා එක්ක කළේ සෙල්ලමක් කියලා. මගේ නිරුවත් ෆොටෝ වීඩියෝ තියාගෙන ඔයා කරපු තර්ජනවලට මම මුහුණ දුන්නා. ඒවාට බය නැතුව හෙල්ලෙන් නැතුව හිටියා. ඒත්…. කවදාවත් හිතුවේ නැති විදිහට ඔයා ඒවා හැමතැනම පතුරලා තිබුණා. පේජ්වල මගේ මූණට කොල්ලො දාපු කමෙන්ට් මම දැක්කා. එයාලා මට නමකුත් හදලා. කමක් නෑ රත්තරන්.. ඒක ඔයාගේ හීනේ වෙන්නැති.. නේද?”

“ඒත් ඔයාට මම සමාව දෙයි කියලනම් නිකන්වත් හිතන් එපා මහත්තයෝ.. කවදාවත් සමාවක් නම් නෑ මගෙන්. මට කරපු හැමදේම ලියලයි මම යන්නෙ. ඔයාට ඉතින් මගේ මළගෙදර එන්න වෙලා නැතිවෙයි. අනිවාර්යෙන්ම පොලිසියෙන් කුදලන් යයි. මේ ලියුම ඔයාට කියවන්න ලැබෙයි ද කියලා මම දන් නෑ. හැබැයි ඔයා රිද්දුවේ මාව නෙවෙයි කියලා මතක තියාගන්න. ඔයා රිද්දුවේ චූටි බබා කියලා මට කතාකරපු මගේ රත්තරන් අම්මවයි තාත්තවයි..”

“දෙවියෝ මට කොහොමත් සමාව දෙන එකක් නෑ. ඔයාටත් එහෙමම වෙයි.. ඔයා වගේ තිරිසනෙක් ඉස්සරහා හෙලුවෙන් හිටගත්ත මම කොච්චර පව්කාරද ? සතුටින් ඉන්න රත්තරන්..”

About the author

Aloka

Leave a Comment