මේ මාසයේ සිට රුපියල් 5,000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්යංශය පවසනවා.
ඒ ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කටයි.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්රතිපාදන ලබා දෙන බවයි එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ.
මාස 06 ක් සඳහා මෙම දීමනාව ලබා දෙන බව ද ඔහු ප්රකාශ කළා.