LOCAL NEWS

වසර 47කට පසුව ලැබුන තීන්දුව..

Written by Aloka

සාමාන්‍යයෙන් නඩුවල තීන්දු දෙන්න ටිකක් පමා වෙන බව කවුරුත් දන්නවා. ඒක ලංකාවට විතරක් අදාල කාරණාවක් නෙමෙයි. ලෝකේ අනිත් රටවලත් නඩුවල තීන්දු දෙන්න පමාවෙනවා. එවැනි පුවතක් අපට හමු වුණේ ඇමරිකාවෙන්. එම පුවත අන්දෝලනාත්මක වෙන්න හේතුව එම නඩු තීන්දුව බාලවයස්කාරියකට අතවර කිරීමක් සම්බන්ධ නඩු තීන්දුවක්.

ලෝක ප්‍රකට ඇමරිකාවේ ජනප්‍රිය ප්‍රහසන නළු බිලී කොස්බි කැලිෆෝනියාහි අධිකරණයක් විසින් බාලවයස්කාරියකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු කර තිබෙනවා.

1975 වසරේ දී එවකට 16 හැවිරිදි වියේ පසුවූ දැරියකට ඔහු මෙලෙස අතවර කර ඇති බවට යි ඔහුට චෝදනා එල්ල වි තිබුණේ. ජූඩි හූත් නම් ඇය මේ වනවිට 64 වන වියේ පසුවන අතර කොස්බි පසුවන්නේ 84 හැවිරිදි වියේයි.

2018 වසරේදී ද බිලී කොස්බිට එරෙහිව වෙනත් චෝදනාවකට අදාළ අපරාධ නඩුවකට ඔහු බන්ධනාගාරගතව සිට නිදහස ලබා තිබුණේ පසුගිය වසරේදීයි. ජූරියේ තීරණය අනුව අතවරයට ලක් වූ ජූඩි හූත්ට ඇමරිකානු ඩොලර් පන් ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම කර තිබෙනවා.

About the author

Aloka

Leave a Comment