ඉදුරුව යාලේගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් පවත්වාගෙන යන අයෙකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සඟවා සිටි ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
එම ඉන්ධන තොගය සගවා තබාගත් ව්‍යාපරිකයාද මේ සමගම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසා ඇත.
ලැබුණු තොරතුරකට අනුව එම ව්‍යාපාරිකයාගේ ගබඩා කාමරය වටලා මේ ඉන්ධන තොගය සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.