Paththare

Official Paththare Web Portal

රටට අවවාදාත්මක නිවේදනයක්.

තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 10ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (03) පෙරවරු 10 දක්වා වලංගුවනවා. එම නිවේදනය මගින් ප්‍රකාශකර ඇත්තේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකියි. මේ හේතුවෙන් විශේෂයෙන් නායයාම් අවදානම සහිත කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතුයි. කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි දැනුම්දෙන්නේ.අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනවා.