Paththare

Official Paththare Web Portal

අහක යන වෙඩිල්ලක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණිය.

දංඕවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 29ක් වූ තරුණියක් මියගොස් තිබෙනවා,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කර සිටියේ මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අත්තඩංගුවට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් බස් රථයේ ගමන් කල මේ අදාළ තරුණියට වෙඩි වැදි ඇති බවයි.

කොල්ලකරුවන් අත්තඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් දෙදෙනෙක් ත්‍රිරෝද රථයකින් පැමිණි අවස්ථාවේදී කොල්ලකරුවන් පොලිසියට වෙඩි තැබීමට තැත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.එතුමා කියා සිටියේ කුඩා වෑන් රථයකින් පලායාමට සැරසුණු සැකකරුවන් හට පොලිසිය වෙඩි තබා ඇති බවයි.

බස් රථයේ පිටුපස දකුණු පසේ ගමන්ගත් මෙම තරුණිය අවාසනාවන්ත ලෙස මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.