බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳීසිටි ගැබිනි මවකට අද (07) අලුයම දරු ප්රසූතියක් සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අදාළ කාන්තාව හැටන් ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් බවය.
කෙසේවෙතත් පෝලිමේ දී ප්රසූත වේදනාවෙන් සිටි ගැබිනිය දැක යුද හමුදා සෙබළුන් විසින් ඇය ව කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
ඒ වනවිටත් ඇයට දරුවා ප්රසූත වී සිට ඇති අතර, මේ වනවිට දරුවා සහ මව සුවෙන් සිටින බව වාර්තා වේ.