LOCAL NEWS

74ක් වයස මවගේ හොර මිනිහා එල්ල කල පිහි පහරින් 28 හැවිරිදි පුත්‍රයා මියයයි.

Written by Aloka

විවාහ වූ පුරුෂයෙක් නම් වෙනත් කාන්තාවක් ද සමඟ, විවාහ වූ කාන්තාවක් නම් වෙනත් පුරුෂයෙකු ද සමග අනියම් සම්බන්ධතා පැවැත්වීම අද වන විට රටේ නිරන්තරයෙන් අහන්නට ලැබෙන දෙයක්. වසරකට මෙවැනි වූ අනියම් සබඳතා නිසා ඝාතන සිදුවීම් කොපමණක් අපට අහන්නට දකින්නට ලැබෙනවා ද. මෙවැනි කටයුතු සිදු කිරීම තුළින් ඊට මුළු ජීවිත කාලයම වන්දි ගෙවන්නේ ද ඔවුන්ගේ අහිංසක දරුවන්. නමුත් ඒ වන්දිය තමන්ගේ ජීවිතේ අහිමිවීම වුනොත් ඒක කොයිතරම් නම් ඛේදජනකද. පත්තරේ අපි මේ ඔබට කියන්නට සූදානම් පන්නෙත් එවැනි අවාසනාවන්ත  සිදුවීමක් ගැනයි.

  මුලින්ම කියන්න ඕන ේ ප්‍රේම පටලැවිල්ල සාමාන්‍යයෙන් අනියම් සම්බන්ධතා පයකට එහා ගිය එකක්. ඊට ප්‍රධානතම හේතුව තමයි ඔවුන් තුළ තිබුණු වයස් පරතරය. වයස අවුරුදු හැත්තෑ හතරක් වන  විමලාවතී නම් මේ කතාවත් සමග හතළිස් අට හැවිරිදි  පුද්ගලයෙකු අනියම් සම්බන්ධතා පවත්වමින් සිටියා. දෙදෙනාගේ වයස් පරතරය ගත්තොත් වයස අවුරුදු 26ක්. වයස අවුරුදු 74 වන විමලාවතී මහත්මියට වයස අවුරුදු 28 ක් වන ුත්‍රයට සිටියා. විමලාවතී මහත්මියගේ මේ ක්‍රියාව ුත්‍රයා දැන සිටියා සේම යගේ මේ ක්‍රියාව දැඩි අකමැත්තකින් යුතුවයි  පුතා සිටියේ.

 මුන්දලම පොලිස් වසමට අයත් කරිකට්ටිය කියන ගමේ උපත ලැබූ මේ කමලාවතී මහත්මිය හයිය හත්තිය තියෙන ගැහැනියක්. කමලාවතී කියලා කියන්නේ කසාද තුනක් කරගත්ත කාන්තාවක්. ඇගේ පළමු විවාහයේ පිරිමි දරුවන් තුන්දෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටියා. ඔවුන් මේ වෙනකොට විවාහ ජීවිතයට පිවිසිලා වෙනමම සිය ජීවිතය ගත කරනවා. අනෙක් කසාද දෙකේම ඇයට දරුවන් සිටියේ නැහැ. අවසන් වරට විවාහ වී සිටි පුරුෂයා මරණයට පත් වුණේ මීට වසරකට පමණ පෙරාතුවයි. ඔහු නමින් මැක්සිමන්ය ස්ථිර රැකියාවක් නොතිබුණු ඔහුට වයස අවුරුදු හතළිස් අටක් වුණා. නිවසේ කාමර සියල්ලම පිරී තිබුණු නිසා ඉදිරිපස ඇගේ කාමරය ඔහුට වෙන් කර දෙන්නේ ඔහු වෙනත් තැනක නිදා ගැනීමට කටයුතු කරමින්.

මේ දෙදෙනා අතර කාලයත් සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති වී පසුව එය දුරදිග ගොස් ආදරයක් බවට ද පත්වන්නේ ඔවුන් දෙදෙනාටම හොර රහසෙ. කාලයත් සමග ඔවුන්ට ඒ දෙනා රහසේම ඉදිරිපස කාමරයෙහි දෙදෙනාම එකට ාත්‍රිය ගත කරන්නට වූයේ නිවසේ නවාතැන් ගෙන සිටින අනෙක් කිහිප දෙනාටද හොර රහසේ. නමුත් නිවසේ අන් අයට රහසේ ඔවුන්ට කාලය ගත කරන ට අවස්ථාව ලැබුණේ ඉතාමත්ම සුළු කාලයක්. 78 හැවරදි විමලාවතී මහත්මිය වේ බාල දරුවා  එස් එම් චාමර රුවන්. ඔහුට වයස අවුරුදු 28 ක් වනවා. මේ වන විට ඔහු විවාහ ජීවිතයක් ගත කරන්නේ සිය බිරිඳගේ ිවස පිහිටි පන්නල කියන ප්‍රදේශයේ.

 ඔවුන්ගේ මේ සුන්දර කැදැල්ල තව තවත් ලස්සන උනේ අවුරුදු දෙකක පුංචි පුතෙකු ද සිටි නිසයි. විවාහ වෙලා සිය බිරිඳගේ ්‍රදේශයේ ජීවත් වුවත් චාමරට සිය මව  කෙරෙහි තිබුණේ අසීමිත වූ ආදරයක්. එම නිසාම නිරන්තරයෙන් සිය මව ගැන සොයා බලන්නට ඔහු කටයුතු කළා. මේ අතරතුර මවගේ අනියම් සම්බන්ධතාවය සම්බන්ධ ඔහුට දැනගන්නට ලැබුණා.ඉකුත් 18 වැනිදා මව බැලීමට චාමර බිරිඳද දරුවාද සමඟ මවගේ නිවසට දහවල් 11 ට පමණගියා. ඔවුන් සියලු දෙනාම දහවල් ආහාරය අරගෙන මව සමග සතුටු සාමීචියේ යෙදී සවස් වරුවේ ගමේ පන්සලට ද යාමට සූදානම් වුණා.

 පන්සල් යන්නට කලින් නිවසේ කාමරයක නවාතැන් ගෙන හිටපු චාමර වී සම වයසේ සමීර යන අය යෝජනාවක් ගෙන එන්නේද ඒ දවස ාත්‍රියේ බියර් පානය කරමුයි කියා.චාමරද ඊට කැමැත්ත පළ කළා.පන්සලට ගොස් නිවසට පැමිණෙන විට සමීර බියර් බෝතල් දෙකක් ගෙනැවිත් සියලු කටයුතු සූදානම් කරල තිබුණා.සමීරගේ කාමරයේ වන නිවසේ ඉදිරිපස කාමරයේම දෙදෙනා සුහදව කතා බහ කරමින් සිටියා. වීදුරු දෙකක් තොලගා අහවරවී චාමර කාමරයෙ පිටතට ආවේ දහඩිය දමනවා යැයි කියාගෙනය.පසුව ඔහු හොර රහසේ ගොස් මවගේ කාමරයේ සුළං කවුළුවකින් එබිකම් කර බැලුවේ කනින්   කොනින් ඇසුන කතාවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහාය.දුටු දෙයින් චාමරට ඇස් දෙක අදහාගත නොහැකිවිය, ඔහුගේ සැකය තහවුරු විය.

සිය මව අනියම් සැමියාට බත් කවමින් සිටියා. මෙය දුටු චාමර දැඩි ලෙස කෝපයට පත්ව මවගේ කාමරයේ දොරට පයින් ගසා විවෘත කර කාමරය ඇතුලට ගොස් මවට සහ අනියම් සැමියාට බැන වදින්නට වුණා. තුන්දෙනාගේම බහින්බස් වීම  අසල කාමරයෙ හිටපු සමීර දිව ආවා. ඒ සමගම ඇඳ මත වාඩි වී සිටි අනියම් සැමියා කවරම කොට්ටය යට තිබූ පිහියක් ගෙන චාමරගේ පපුවට වැරෙන් ප්‍රහාරයක් එල්ල කළා. එම පිහිපහර ඔහුගේ පපුව පසාරු කරගෙන ගියේය.  ලේ වැගිරෙමින් සිටි ඔහු පිහිය උදුරාගැනීමට තැත් කරද්දී දෙදෙනාම බිම ඇද වැටී පොර  බඳින්නට වූහ.එහිද අනියම් සැමියා නැගිටීමට තැත් කරද්දි අසල සිටි සමීර ඔහුට පාපහර ඵල්ල කළේය. ඒ සමගම ඔහු එම ස්ථානයෙන් දිව ගියේය. පිහිපහරට ලක්වූ චාමර කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළද ඒ වනවිටත් ඔහුගේ අවසන් හුස්ම වා තලයට මුසුවී හමාරය.   මේ සිද්ධිය සැලවීමෙන් අනතුරුව වහා එම ස්ථානයට පැමිණි මුන්දලම පොලිසියේ කණ්ඩායමක් සැකකරු සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.ඊට ප්‍රදේශවාසී තරුණයන්ගේ සහායද හිමිවුණා.මුන්දලම,ආමුකුලිය ප්‍රදේශයේ කඳුකැලෑවක සැගව සිටියදී ඔහු අත්අඩංගුවට ගන්නේ දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් අනතුරුවය.  ඔහු මීට පෙර පුද්ගල ඝාතන හතරක් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලින්ද අනාවරණය විය. මැදිරිගිරිය ප්‍රදේශයේ එක් ඝාතනයක්,දිවුලපිටිය  ප්‍රදේශයේ එක් ඝාතනයක් සහ පුත්තලම ප්‍රදේශයේ ඝාතන දෙකක් වශයෙන් මෙම ඝාතන 04 සිදුකර තිබිණි.

About the author

Aloka

Leave a Comment