Paththare

Official Paththare Web Portal

ජනප්‍රිය රංගන ශිල්පි, දර්ශන් ධර්මරාජ්.. ජීවන ගමන නිමා කරයි..

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක්. ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන්.

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට දායකත්වය සපයා ඇති දර්ශන් ධර්මරාජ් ඉනි අවන්, ඉරහඳ යට, සරෝජා, මචං, ප්‍රභාකරන් ඇතුලු චිත්‍රපට රැසකට එක්වී තිබෙනවා.

එමෙන්ම ටෙලි නාට්‍ය රැසකටද රංගනයෙන් දායක වූ ඔහු මේ වනවිට හිරු ටී වී හි විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ ද ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලැබුවා.

එමෙන්ම 2014 හිරු ගෝල්ඩන් ෆිල්ම් අවොර්ඩ්ස් සම්මාන උළෙලේදී දර්ශන් ධර්මරාජ් හොඳම නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ඉනි අවන් දෙමළ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්.