LOCAL NEWS

නොකඩවා අඩුවක් නැතුව ගෑස් ලැබෙන්නයි යන්නේ.. මෙන්න හේතුව..!

Written by Aloka

වැඩි මිලට ගෑස් ගත්තේ ඇයි ලිට්රෝ සමාගම කියයි

සැපයීමේ නැව් ගාස්තුව වැඩි වුණත් අඛණ්ඩ සැපයුමක් සහතික කර ඇති බැවින් OQ ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මිල දී ගැනීමට තම සමාගම කැබිනට් අනුමැතිය ලබාගත් බව ලිට්රෝ සමාගම පවසනවා.

මෙලෙස වැඩි ගාස්තුවක් සහිත සමාගමකින් ගෑස් මිල දී ගන්නේ විවිධ පටු වාසි ලබා ගැනීමේ අරමුණින් බව ද ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන චෝදනා අසත්‍ය බවත් එම සමාගම පවසනවා.

ඇතිවී තිබෙන උග්‍ර ගෑස් හිඟය හමුවේ වුවත් අඛණ්ඩ සැපයුමක් සහතික කළ සමාගම් තුනක් ලිට්රෝ සමාගම මිල ගණන් ඉදිරිපත් කරනවා. එම සමාගම් තුන අතර Siam trading, OQ trading සහ BB energy සමාගම් තුනයි.

Siam trading – ඇමරිකානු ඩොලර් 112
OQ trading – ඇමරිකානු ඩොලර් 129
BB trading – ඇමරිකානු ඩොලර් 148
මේ අනුව OQ trading සමාගමෙන් ගෑස් සපයාගෙන පවතින ගෑස් හිඟය සහ පෝලිම් නැවැත්වීමට කඩිනමින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැඩි විස්තර පහත වීඩියෝව තුලින්,

About the author

Aloka

Leave a Comment