Paththare

Official Paththare Web Portal

නිවුන් දරු දෙදෙනෙක් මෙලොවට බිහිකරන්න සිටි මවටත් දරු දෙදෙනාටත් ජීවිතය අහිමි වෙයි.

දරුවන් දෙන්නට අවශ්‍ය ඇඳුම් ඇයම මැහුවා…
මුලින්ම උගුරේ කැක්කුමක් ඇතිවෙලා රෝගය මතුවෙලා තියෙන්නේ.

ශිෂ්ට සම්පන්න ය ලෝක සම්මතයට ගරු කරමින් සරණ  බන්ධනයෙන් අත්වැල් බැඳගන්නවා යුවතිපති යන්ගේ ඒකායන පැතුම දරු සම්පතයි. එයින් ඇය උත්තරීතර මව් පදවිය ලබන්නේ සැමියාට ද එලෙසම ගරුබුහුමන් ලබන පිය පදවිය උරුම කරවමිනි.

 එලෙස එම පදවිය උරුම කරගෙන දරු සම්පතක් තුරුළු කර ගන්නට පෙරුම් පිරූ රණවිරු පියෙකුගේ පැතුම් පසුගියදා ඔහුගේ ඇස් පනාපිටම බොදවී ගියා. ඒ මොළකැටි සිඟිත්තන් පමණක් නොව ඔහුගේ දයාබර බිරිඳ ද මරුවාට ගොදුරු වීම නිසයි. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු උනේ  පොල්පිති ගම කිරිබමුණ ගම යාය ග්‍රාමයේ සිටී අමරසිංහ මුදියන්සේලාගේ ඉෂානි චතුරිකා බණ්ඩාර නැමැති විසිහත් හැවිරිදි වියේ පසු වූ තරුණ කාන්තාවක්. 

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය නිරතව සිටි ඉකුත් නොවැම්බර් පළමු වෙනිදා සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රේමරත්න බන්ඩා සහ ඔහුගේ බිරිඳ වූ ජී ශාන්ති යුවල  දාව උපන් පවුලේ එකම ගැහැනු දරුවාද ඇයයි.

 ඔවුන් දෙපාර්ශ්වයේම ආශිර්වාදය මැද අතිනත ගත්තේ 2020 ජූලි මස 27 වැනිදායි. සහකරු වූයේ හර්ෂ අමරනාත් රත්නායකයි. ඔහු ගල්ගමුව ඇහැටුවැව දිවුල් ගනේ න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මංගල උත්සවය ජයටම සිදු කෙරුණා. ඔහු ඇයව ඔහුම ඉදිකළ සුන්දර නිවහනට රැගෙන ගියා.

 විවාහයෙන් පසුව ඔවුනට දරු ඵලය ලැබීමේ මංපෙත් විවර වුණා. ඒ අනුව පොල්පිතිගම මාතෘ සායනයට මුලින්ම ගිය ඇය  වෛද්‍යවරුන්ගෙන් ලැබුණු ඉඟියක් මත නිකවැරටිය ූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු වුණේ එය සක්සුදක් සේ දැන ගැනීමටයි.

 ඇයට  නිවුන් පුතුන් දෙදෙන පිළිසිඳ ගෙන ඇති බව එහිදී අනාවරණය වුණා. නිම්හිම් නැති සතුට අතරේඇය සෑම මසකම අදාළ සායන වලට නිකවැරටිය ්‍රදේශයට ගියා. ඇයගේ රැකවරණයට සෙවණැල්ලක් මෙන් සැමියා ද සිටියා. කාලය ටිකෙන් ටික ලං ව තිබුණා. එළඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ඇයට නිවුන් දරු පැටවුන් ලැබීමට නියමිතයි. ඒ සඳහා පවුලේ දෙපාර්ශවයම ඇඟිලි ගනිමින් පසුවූයේ දෙපැත්තෙන්ම දරු පැටියකු ගෙට ගැනීමේ වාසනාව උදාකර ගන්නා පළමු උදවිය මොවුන් වන නිසයි.

  පුතුන් දෙදෙනෙක්  අවශ්‍ය සියලුම ඇඳුම් ඉෂානි විසින්ම මැහුවා.ඇයගේ අම්මා සහ නැන්දම්මා ඊට රටා දමමින් මල් ගෙතුම් වලින් ඇඳුම් හැඩ වැඩ කළා.

 ඇය නොවැම්බර් දෙවන දා උදේම කෑම නොකා වතුරවත් නොබී නිවසින් පිටත් වුණා. ඒ පොල්පිතිගම  ද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට අවශ්‍ය රුධිර සාම්පල් ලබා දීමටයි. එතැනට ඇය අවස්ථා කිහිපයකදීම රුධිර සාම්පල් ලබා දී තිබෙනවා. එම මධ්‍යස්ථානයට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම සඳහායි. 

පසු දිනය එනම් 3  වැනි දිනයේ දී ඇය ඒ කරා පිය නැගුවා. අදාළ පරීක්ෂණ වාර්තාව අතට ගත්තා. මුත් විශේෂඥ වෛද්‍යවරිය පැමිණ සිටියේ නැහැ. ඒ අනුව ඇය නිවස බලා පිටත් වුණා. මේ සියල්ල සඳහා ඇය ගමන් කලේ තනිවමයි.ඒ තරම් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් ඇය පසු වුණා.

4 වැනි දින ඇයට උගුර රැදෙන්නට වුණා. යෝගට් කිහිපයක් කෑවත් ඇයට සුවයක් තිබුණේ නැහැ. පව් වහාම  ඇයව පොල්පිතිගම  ෞද්ගලික වෛද්‍ය වරයෙකු වෙත යොමු කළා. ඔහු ප්‍රතිකාරය ලබා දීමක් නොකර කුරුණෑගල ශික්ෂණ රෝහලට යන ලෙසට උපදෙස් ලබා දුන්නා.

 කුරුණෑගලට බැහැ, සායන සඳහා යන්නේ නිකවැරටියට, ඇය කීවා. එසේනම් එහෙට යන්න යයි අදාල ලිපියක් ලියා ෛද්‍යවරයා ඇයට ලබා දුන්නා.

 එදින සවස ඔවුන් සතු වාහනයකින් නිකවැරටිය මූලික රෝහල බලා පිටත් වුණා. වේගයෙන් යන්න එපා මට අමාරු නැහැ. ඒ යන ගමනේදී ඇය එසේ කීවා.

සිදුකර තිබූ පරීක්ෂණ වාර්තා සහ පොල්පිතිගම වෛද්‍යවරයා දුන් ලිපිය පවුලේ අය නිකවරටිය රෝහලට පෙන්නුවා. ඇය ඒ අනුව එම රෝහලට ඇතුළත් කළා.

 ම රෝහලේ වෛද්‍යවරුන් ඇයට ඩෙංගු වැළඳී ඇති බවට අනුමාන කළා. නමුත් සිදු කළ පරීක්ෂණවලදී එවැන්නක් වැලඳී තිබුණේ නැහැ. තවත් අය ඇයට මී උණ වැළඳී ඇති බවට තීරණය කළා. ඒ සම්බන්ධව කළ පරීක්ෂණවලදී ඇයට එවැනි රෝගයක් වැලඳී තිබුණේ නැහැ. covid එන්නත් කරණයට හිමි ාත්‍රා දෙකම ලබා ගෙන සිටියා. හිටිහැටියේ රෝගීන් වූ ඇයට ඊට පෙර කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී තිබුණේ ද නැහැ. 

නමුත් රෝහල්ගත කළ ඇයගේ තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. පැහැපත්ව සිටි ඇය කහ පැහැති වී තිබෙනවා. ඇය පහම කොළඹ ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත යවන්නට වෛද්‍යවරුන් තීරණය කළා. ඒ සඳහා ගමනට ගිලන් රථය සූදානම් කෙරුනා. ෛද්‍යවරියක හෙදියක සහ සුළු සේවිකාවක ද ගමනට සූදානම් වුණා. ඒ ඇය හය වැනි දිනයේදී කොළඹ ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

එම රෝහලේදී ඇය රික්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් ඇය ගේ දිවි බේරා ගැනීම සඳහා පවුලේ අයගේ කැමැත්ත මත කුස තුළ සිටි දරුවන් දෙදෙනා වැකුම් තාක්ෂණය ට අනුව එළියට ගැනීමට යුහුසුලු ව කටයුතු කළා.

 අට මසක් වයසැති බිළිඳු සිරුරු දෙකක් එළියට ගෙන තිබෙනවා.  නමුත් ඒ දෙදෙනාම මළ දරු උපත්. එම බිළිඳුන්ට ලොව දැකීමේ වරම අහිමි වුණත් ඔවුන් දෙදෙනාම උපත් පරිදි සම්පූර්ණ ව සිටියා. අම්මට පියවි සිහිය ලැබුණු පසු ඇයට පෙන්වන්නට එම බිළිඳුන් සිරුරු ආරක්ෂා කර දෙන්නයි සැමියා කළ ඉල්ලීමට කාර්ය මණ්ඩලය  අවනත වුනා. ඒ අනුව එම ලපටි සිරුරු දෙක ආරක්ෂිතව තබන්නට ඔවුන් පියවර ගත්තා.

නමුත් තමා කුස තුළ හොවා සිටී ඒ පුතුන් ගේ නිසල සිරුර දැකීමට හෝ ඇයට යළි පියවි සිහිය ලැබුණේ නැහැ. එම සිගිත්තන් ගේ මරණයෙන් සතියක් ගතවෙන දා එනම් 14  වැනිදා අළුයම් කාලයේ දී ජීවත් වන්නා වූ සැමට වේදනාව උරුම කරදී ඉෂානි චතුරිකා ජීවිතයෙන්  සමුගත්තා.

ඇයගේ වකුගඩු වලට සහ අක්මාවට හානි පැමිණ තිබෙනවා. නමුත් මරණවලට හේතුවක් නිශ්චිතව සඳහන් වෙලා නැහැ. එම නිසා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකිරීමට රෝහල් බලධාරීන් කටයුතු කරන අතරවාරයේ ඇය සහ පුතුන් දෙදෙනාගේ මෘත දේහය පවුලේ අයට භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කළා.