Thu. May 22nd, 2025

අද පෘථිවියට ඉතා ම වැදගත් දවසක්. ලෝක LPG ගෑස් දිනය අද. මෙය සැමරෙන්නේ සෑම වසරකම ජුනි 7 දා.

මෙම දිනය ආරම්භ වුණේ 2019 දී, ලෝකයේ විවිධ රටවලට LPG බලශක්තිය පිළිබඳ අවබෝධය වඩාත් ව්‍යාප්ත කරන්නයි. අද දිනයේදී ලෝකයම හඳුන්වා දෙන්නේ – ගෑස් කියන්නේ පිරිසිදු, සුරක්ෂිත, සහතික සහ විශ්වාස කළ හැකි බලශක්තියක් කියන එකයි.

LPG කියන්නෙ ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස් කියන එකට. L P G. ගෑස් කියන්නෙ පහසුවෙන් සහ කාර්‍යක්ෂම ව භාවිතා කළ හැකි දියරමය වායුවක්. එයින් කාබන්ඩයොක්සයිඩ් උපදවන්නේ නැති තරම්.

ඇමරිකානු ජාතික ඩොක්ටර් වෝල්ටර් ස්නෙලින් තමයි 1912 දි මේ අරුම පුදුම සොයාගැනීම කළේ.

ඒ නිසා දැවීම් වෙනුවෙන් ක්ලෝරොෆ්ලෝරො කාබන් වෙනුවට සොයාගත් හොඳම විකල්පය LPG ගෑස්. ඕසෝන් වියනේ සුරක්ෂාවට මේ සොයාගැනීම ඉතා වැදගත්. ඒ නිසා ගෑස් භාවිතය පරිසර හිතකාමි අදහසක්.

ඒ වගේම දර කිලෝ 116කින් කරන වැඩේ එක ගෑස් සිලින්ඩරයකින් කරන්න පුළුවන්.

ලංකාව – විදුලිය අධික මිලක් දී ගන්න රටක්. ලෝකයේ කොතැනත් විදුලි බලය යනු මිල අධික බල ශක්තියක්.

ලංකාවේ පසුගිය අවුරුදුවලදී විදුලි බිඳවැටීම්, පිරිමැසුම්, කපා හැරීම් සහ මිල ඉහළ යාම් අපි හැමෝම අත්විඳිලා තියෙනවා. විශේෂයෙන් උයන විට, විදුලිය පාවිච්චි කිරීම තරමක භීෂණයක්. ඒත් එවන් අවස්ථාවකදී ලංකාවේ ලක්ෂ ගණනක පවුල් තෝරන විශ්වාසනීයම විකල්පය වුණේ – ලිට්රෝ ගෑස්.

විදුලිය නැති වෙලාවටත් ගෑස් තියෙනකොට බයක් නැහැ. ඉක්මනින් උයන්න පුළුවන්: induction cooker වලට වඩා ගාස්තු අඩුයි. සුරක්ෂිත තාක්ෂණය සහ විශ්වාසදායක ලිට්රෝ ගෑස් අපේ රටට ගැලපෙන ලාංකීය අවශ්‍යතා, කාලගුණය සහ පරිසරයට හිතකාමී නිෂ්පාදනයක්.

ලිට්රෝ ගෑස් වෙතින් ගෙන ආ මේ දැනුවත් කිරීම අපේ නූපන් අනාගතයට පවා වැදගත් බව ඔබ දැන් දන්නවා ඇති.

සොබාදහම සුරැකේවා ලිට්රෝ ගෑස් දැල්වේවා !

By Aloka