කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට, වතු ජනතාවටත් සුභ බලාපොරොත්තුවක්.

ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බදුල්ලේදී අද (21දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. එම ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයුතු කරගෙන යනවා.

ඒ වගේම ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි” යනුවෙන් පවසා සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *