මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.

මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා.

උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතුනා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට මත්තෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන මහතා උත්සාහ කළ නමුත් ඔහුගේ සමීපතමයින් ඔහුට කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී එවන් තීරණයක් නොගන්නා ලෙසයි.

පසුව ඔහු අකමැත්තෙන් නමුත් සිය තනතුරේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින් ‘උපදේශක පුහුණුකරු’ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *