Sun. Sep 8th, 2024

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහුට අනුව, මැතිවරණයට අදාල පොලිසියේ රාජකාරී ආවරණය කිරීමේ හැකියාව වැඩ බලන පොලිස්පතිවරයෙකුට තිබේ.

රට ආණ්ඩු කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු නම්, වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඡන්දේ කරන්ඩ බැරි ඇයි දැයි, මහින්ද දේශප්‍රිය මහතා ඔහුට හුරුපුරුදු සදය උපහාසයෙන් ප්‍රශ්න කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *