පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ අද (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී රැස්වී තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *