මෛත්‍රීට තහනමක් පැනවීමත් සමග නිදහස් පක්ෂයට පැමිණි පරණ මුහුණු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිත්වයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණය විසින් නිකුත් කිරීමත් සමග පක්ෂ මුලස්ථානයට පැමිණ ඔහු මේබව කියා සිටියා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් එම නඩුව පවරා තිබෙනවා.

නඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ,

“හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගෙන ඉන්න බැරුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවුණා.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *