ව්‍යාජ මැණිකක් විකුණන්න ගිය දෙදෙනෙකුට සිදුවූ දේ.

අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකි.

ව්‍යාපාරිකයාට පැමිණෙන ලෙස දන්වා තිබු ස්ථාන කිහිපයක් මඟ හරිමින් පසුව නවගත්තේගම මාර්ගයේ තෙන්නන්කුරියාව ප්‍රදේශයෙදී අදාළ මැණික් ගල පෙන්වා මුදල් පැහැර ගැනිමට සැරසිමත් සමගම ආසන්නයේ සිටි පොලිස් නිලධාරින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ආණමඩුව අධිකරණටය ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *