මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා.

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින්  රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත් ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට තවත් පාඨමාලාවක හදාරමින් සිටි පුද්ගලයකු බවත් සඳහන් ය.

රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන 23 හැවිරිදි සැකකරු අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලීසියට භාරදී තිබේ.

ඉතාලියේ සිට හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ජාලයේ මහමොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *