මැතිවරණ දිනය ලැබෙන්නේ මෙහෙමයි. සියලු බලතල මැතිවරණ කොමිසමට..?

0
128

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවයි, ඔහු අවධාරණය කළේ.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර කාලයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදු කළ යුතු වනවා.

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සති 4ත් – 6ත් අතර කාලයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

“ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, සැප්තැම්බර් මාසේ 17 වැනිදාත් ඔක්තෝබර් මාසේ 16ත් අතර දිනයක. එතකොට ඒ දිනය අපි ගන්න කොට මුලින්ම කරන්න තියෙන්නේ, ජනාධිපතිවරණ විමසීම දැන්වීම් නිකුත් කරන එක.එය සිදු කරන දිනයේ සිට දින 16ත් දින 21ත් අතර දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම සිදු කරන්න ඔනේ. නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් සති 6ත් අතර දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here