ජනාධිපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි දාන්න යයි.

0
218

මෙවර ජනාධිපතිවරණයේදී ද කාඩ් බෝඩ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි භාවිත කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දැනට තිබෙන ලී ඡන්ද පෙට්ටි සංඛ්‍යාව සහ ඒ ඒ කාර්යාල සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට තොරතුරු ලබා ගනිමින් සිටින බව එහි සභාපති අර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

අවශ්‍ය ඡන්ද පෙට්ටි සංඛ්‍යාවේන් මදිවන සංඛ්‍යාව සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි යොදා ගැනීම සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු කීවේය.

කාඩ් බෝඩ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි මුල් වරට භාවිතා කරනු ලැබූවේ ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදීය. එම ඡනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි 3,000 ක් මිලදී ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here