Mon. Apr 21st, 2025

ජනාධිපතිවරයා තෝරා පක් කර ගැනීම සඳහා වන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට (26) දින නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යභාරයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ පුද්ගලයන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශවයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධව කිසිදු වගකීමක් මැතිවරණ කොමිෂන් සභාවට නොමැති බවයි.

By Aloka