Mon. Sep 16th, 2024

අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්දහිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර නිදහස් සහ සාධාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණ කොමිසම සභාව විසින් විසින් නියම කරන ලද නියමයන් සහ විධානයන්ට අනුව ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරගෙන යාමට සහාය ලබාදෙන ලෙසයි ඒ මහතා ඉල්ලීමක් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *