Thu. Sep 19th, 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය පළ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තම ස්ථාවර වෙනස් නොවන බවයි, ඔහු අවධාරණය කළේ.

රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහයෝගය ලබා දෙන බව X ගිණුමෙහි සටහනක් තබමින්, රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන් ම මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් X සටහනක් තබා තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 75 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (29) රාත්‍රියේ දී පැවැත්වුණා.

ඊට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ප්‍රිදර්ශන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවටයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *