Sun. Sep 22nd, 2024

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ.

අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ.

අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කෙරිණ.

එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය.

එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශුය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය.

අදාළ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍යවල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වටලෑම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීහු අනාවරණය කර ගත්හ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *