නාගදීප මගී යාත්‍රාවේ දරු ප්‍රසූතියක්.

යාපනය නාගදීප ප්‍රදේශයේදී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටියදී මගී යාත්‍රාවක් තුලදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වනවා,

ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික රෝහලට ඇතුලත් වීමෙන් පසුව එහි වෛද්‍යවරුන් ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතු බවට දැනුම් දී තිබෙනවා,

නාගදීපය සිට යාපනය ශික්ෂණ රෝහලට යාමටනම් නාගදීපය ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් යාපනය ශික්ෂන රෝහලට යායුතු වනවා,.

එම අවස්ථාවේදී ගිලන් වූ පුද්ගලයින් ප්‍රවාහනය කරනු ලබන ගිලන් මුහුදු යාත්‍රාව නොමැති වූ හෙයින් නාගදීපය වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාවක් වෙතට අදාල ගැබිනි මව ඇතුලත් කොට කූරිකඩ්ඩුවාන් ජැටිය වෙතට ගමන් කිරීමට පියවර ගෙන තිබුණා,

එහිදී ගැබිනි මාතාවට ප්‍රසව වේදනාව ඇතිව දරුවා ප්‍රසූත කිරීමට අවහ්‍ය බව පැවසීමේදී මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට යවා කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව දරුවා ප්‍රසූත කොට තිබෙනවා.

අනතුරුව බිළිඳා සමග මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ වන විට අදාල දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියා,

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *