Thu. Sep 19th, 2024

ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ අද (07) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් පසුවයි.

“මුල ඉදලා කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නෑ. පක්ෂයක් විදිහට මට තිබ්බ වගකීම තමයි සූට් එක හරියන කෙනෙක්ට මහන්න. අභියෝගාත්මක වේලාවක තමයි පක්ෂයක වගකීම භාරගත යුත්තේ. පක්ෂය මගෙන් ඉල්ලීම කළා. මම හිතනවා පාක්ෂිකයෝ එක්ක මේ රට දිනවන්න, ජාතිය දිනවන්න අපි ඒ වගකීම ඉටුකරන්න ඔනේ.

මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණ පැහැදිලිවම පළවැනි බලවේගය බවට පත්වෙනවා. ඒ වගේම තමයි යම්කිසි හිත් අමනාපකමක් නිසා ගියපු අයටත් අපි ආරාධනා කරනවා සාකච්ඡා කරලා අපි එකගවෙමු. එකට හිටපු අය. අවසානයේ දිනවන්න ඔනේ පාක්ෂිකයා සහ රට. අපි සූදානම් ඒ කැපවීම කරන්න. පාක්ෂිකයා සහ රට දිනවන්න.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *