හර්දික් – නටාෂා නිල වශයෙන්ම වෙන්වන බව නිවේදනය කරයි.

0
216

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ සර්බියානු රංගන ශිල්පිනි නටාසා ස්ටැන්කොවික් සිය වෙන්වීම ‘නිල වශයෙන්ම’ නිවේදනය කරලා.

ඒ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා.

හර්දික් – නටාසා යුවළගේ වෙන්වීම ගැන ‘කටකතා’ පැතිරෙන්න ගත්තෙ මීට කාලෙකට ඉස්සර. නමුදු ඊට ඔවුන් වෙතින් කිසිදු නිල තහවුරු කිරීමක් කරලා තිබුණෙ නෑ.

ඒ නිසාම කවුරුත් අනුමාන කළා ඔවුන්ගේ වෙන්වීම ‘හුදෙක් කටකතාවක් ම’ විතරයි කියලා.

නමුදු මෑත කාලීනව එළියට ආව යම් යම් සාක්ෂි මත ආයෙමත් ඔවුන්ගේ වෙන්වීම ගැන කවුරුත් අවදානය යොමුකරන්න ගත්තා කිව්වොත් හරි.

එවන් වටපිටාවකයි හර්දික් වගේම නටාසාත් සිය වෙන්වීම ගැන මෙලෙස ‘නිල වශයෙන්ම’ දැනුම් දීලා තිබුණෙ.

ඒ, ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පසුව !

”අවුරුදු 4ක් එකට ඉඳලා හර්දික් සහ මම අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වෙන්න තීරණය කළා. මෙය අප දෙදෙනාගේම යහපතට හේතු වන බව අපි විශ්වාස කරමු. අගස්ත්‍යාගෙන් අපි ආශීර්වාද ලබන අතර ඔහුගේ සතුට සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම ඔහුට ලබා දීමට අපි සහය වන්නෙමු. මෙම දුෂ්කර හා සංවේදී කාලය තුළ අපට අපේ පෞද්ගලිකත්වය ලබා දීමට ඔබගේ සහයෝගය සහ අවබෝධය අපි අවංකවම බලාපොරොත්තු වෙමු.

හර්දික්/නටාසා ”

හර්දික් සහ නටාසා 2020 වසරේ Covid-19 වසංගතය අතරතුරයි විවාහ වෙන්නෙ. එම වසරේම ජූලි මාසයේදී ඔවුන් සිය පුත් අගස්ත්‍යාව පිළිගන්නවා.

පසුව ඔවුන් 2023 වසරෙ පෙබරවාරි මාසයේදී විශාල උත්සවයක් පැවැත්වීමටත් කටයුතු කරලා තිබුණා.

ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන බවට පළමු කටකතා පැතිර ගියේ 2018 දී පමණ. 2019 දී instagram සටහනක නටාසා විසින් පාණ්ඩ්‍යාව හඳුන්වා තිබුණෙ ‘හොඳම මිතුරා’ හැටියට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here