දිස්ත්‍රික් හතකට අනතුරු ඇඟවීම්.

0
70

දිස්ත්‍රික්ක 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (19) අළුයම 03 සිට හෙට අළුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පවසන්නේ.

ඒ අනුව අධියර 02 යටතේ වන අනතුරු ඇඟවීම් නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here