නිධාන මැණික් අලෙවි කරන්න ගිය හයක් අත්අඩංගුවට. වටිනාකම කෝටි 13ක්.

නිධානයකින් ගත් බව පවසමින් මැණික් ගල් 14ක් අලෙවි කිරීමට උත්සහ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මෙලෙස සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හිනිදුම, ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වයස කාණ්ඩවල පසු වූවන් බව සඳහන්.

ඔවුන් අදාළ මැණික් ගල් 14 රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ලද තොරතුරක් මත උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *