නීතිපති ගැන අවසන් තීරණය අද.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතයි.

මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වනවා.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුණා.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහායි.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *