Thu. Sep 19th, 2024

මහනුවර ශ්‍රී දළදා පෙරහර නැරඹීම සඳහා මාර්ගය දෙපස ආසන පනවන සමාගම් සමහර ආසන රුපියල් තිස්දහසේ සිට රුපියල් පනස්දහස දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව දළදා මාලිගාවේ දිය වඩන නිලමේ නිලංග දෑල සඳහන් කරයි.

“මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර අගෝස්තු දහවනදා ආරම්භ වෙනවා. අගෝස්තු 10 වනදා සිට අගෝස්තු 14 වන දා දක්වා කුඹල් පෙරහර පැවැත් වෙනවා.

අගෝස්තු 15 දා සිට 19වැනිදා දක්වා රන්දෝලි පෙරහර පැවැත්වෙනවා. මේ කලය තුළ පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස නිශ්චිත ස්ථාන වෙන්කරලා පෙරහර නැරඹීම සඳහා අසුන් පනවන්න ටෙන්ඩර් කැඳවලා භාර දෙනවා. මෙලෙස ටෙන්ඩර් ලබා ගන්න අය ගෙන් ශ්‍රී දළදා පෙරහර භාරයට කුඹල් පෙරහර කාලයේ එක් ආසනයකට රුපියල් තුන්සියයක් හා රන්දෝලි පෙරහර කාලයේ එක් ආසනයකට රුපියල් අටසියයක් බැගින් කුලියක් ගෙවනවා. නමුත් සමහර තැන්වල මේ ආසන දිනකට රුපියල් තිස්දහසේ සිට පනස් දහස දක්වා අලෙවි කරන බවට තොරතුරු ලැබි තිබෙනවා යැයිද නිලමේවරයා කීවේය.

මෙවර පෙරහර සමයේ එවැනි අධික මුදල් අය කර ආසන අලෙවි කරන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවද නිලමේවරයා අරුණට කීවේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *