Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්.

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින Onmax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 04දෙනා ද අධිකරණයේ පෙනී සිට තිබුණි.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *