ජරා කෑම විකුණු අලෙවිසැල් කිහිපයකට නඩු.8 දෙනෙකුට රතු නිවේදන..

ජරා කෑම විකුණු අලෙවිසැල් කිහිපයකට නඩු.8 දෙනෙකුට රතු නිවේදන..

පොල්ගස්ඕවිට සහ කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම්වල සිදුකල හදිසි ආහාර අලෙවි කල ස්ථාන තුනකට එරෙහිව අධිකරණයේ නඩු පවරා ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කල බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසනවා.

ස්ථාන අටකට ලබාදුන් උපදෙස් නිසි ලෙස සම්පුර්ණ නොකළහොත් එම ස්ථානවලට එරෙහිව ද අධිකරණ නඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් කහතුඩුව සහ පොල්ගස්ඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක බල ප්‍රදේශවල හෝටල් ආපනශාලා බේකරි සහ සුපිරි වෙළඳ සල් 40 පමණ මෙහිදී පරික්ෂා කල අතර කහතුඩුව සති පොලෙහිද පුර්ණ පරීක්ෂාවක් සිදු කළා..

වම්බටු තොගයක පනුවන් රැඳී සිටිම, ශීතකරණවල පිසූ ආහාර සහ මස් වර්ග අයිස්ක්‍රීම් වැනි දෑ ගබඩා කර තිබීම, අවිධිමත් ලෙස අප ජලය බැහැර කිරීම, පිසූ ආහාර වල දුවිලි සහ මැස්සන් ගැවසීම, බිත්තර වල කුකුළු අසුචි තැවරී තිබීම, ගුල්ලන් සහිත සහල් සහ පැල වූ අල පිසීමට භාවිතා කිරීම වැනි වැරදි ගණනාවක් අනාවරණය වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන ප්‍රභාත් විදර්ශන මහතා පැවසුවා..

ඒ අනුව මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සහ ගබඩා කිරීමේ චෝදනා යටතේ ස්ථාන තුනකට කැස්බෑව අධිකරණයේ නඩු පවරා තවත් ස්ථාන අටකට නිවේදන නිකුත් කල බව පැවසෙනවා…

2025 දෙසැම්බර් මස 24 දින ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනුණු පුවතකි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *