ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.

රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් මුදල් ලබාගෙන ඇති බව නේපාල පොලීසිය පවසනවා.

එම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාට පාකිස්තාන ජාතිකයින් විසින් පහර දී වධ හිංසා පමුණුවා තර්ජනය කර විදෙස් ගමන් බලපත්‍ර ද පැහැරගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ශ්‍රී ලංකාවට නැවත එවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව නේපාල පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *