පාලිතගේ හඬ පට තොගයක් රන්ජන් ළඟ.

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හඬ පට රැසක් තමන් සතුව පවතින බව රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඔහු මේ බව අනාවරණ කළේ, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී ශෝක ප්‍රකාශයක් සිදු කරමින්.

එම කටහඬ නැවත කිසි දිනක ලබාගත නොහැකි වුවත් තමන් සතුව එය සුරැකිව තිබෙන බව ද රන්ජන් රාමනායක මහතා කියා සිටියා.

”කෙනෙක් මගෙන් ඇහුවා, ම‌ගේ ‌‌ෆෝන් එකේ හඬ පට තියෙනවා නේද කියලා. අපි කතා කරපු සියලු දේවල් මා ළඟ තියෙනවා. සමහරු මට බනිනවා හඬ පට තියාගත්තා කියලා. නමුත් පාලිතගේ ඒ ක‌ට හඬ ආයෙත් කවදාවත් ගන්න බැහැ. මා ළඟ තියෙනවා. ඒක කාටවත් දෙන්නේ නැහැ. ඒක මා එක්කම ඉවර වුණ දෙන්. ඒවා සුන්දර කතා. සහෘද කතා. ඒවා හරිම සුන්දරයි.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *