පැල්මඩුල්ලේ බස් අනතුරක්. 27 ක් රෝහල්.

කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා.

එහිදී පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් බසයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුර වැළැක්වීම සඳහා බසය මාර්ගයෙන් ඉවතට ගැනීමට රියදුරු උත්සාහ කිරීමේ දී පස බුරුල් වී තිබීම නිසා බසය අසල තිබූ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 07 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 20 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *