හෙට පාර්ලිමේන්තුව විසුරුවයි ද…? බැසිල් සහ ඉන්දිය කොමසාරිස් අතර හමුවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි දේශපාලන කවවල සාකච්ඡා වී තිබුණේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක වී ඇති කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා අතර හදිසි හමුවක් පැවැති පසුබිමක මෙවැනි වාර්තා පළ වීමත් විශේෂත්වයක්.

අදාළ සාකච්ඡාවේ දී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද සඳහන්.

එමෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවීම් කිහිපයක් පැවැත්වුණා. එ

හි දී ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර ලබන ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි මීට පෙර තොරතුරු වාර්තා වූයේ.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වූවහොත් මහමැතිවරණයක් පැවැත්වීමට සිදු වනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *